අනුරකුමාර ’’එතෙර අපි’’ නාපොලි සමුළුව අමතයි


(තිලක නවරත්න )

එතෙර අපි සංවිධානයේ නාපොලි ශාඛාවේ මහා සමුළුව ඉතාලියේ නාපොලි නගරයේදී පැවැත්විණි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී , ජවිපෙ නායක අනුරකුමාර  දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණු  මේ සමුළුවේ මුලාසන දේශනය පවත්වන ලද්දේද  අනුර දිසානායකමහතා විසිනි. 

නාපොලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වය ද   උණුසුම් පිළිගැනීම ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට  ලැබිණි. එක්ස් ඔෆ්.ජි සංවිධානය ඇතුළු ඉතාලියේ ප්‍රගතිශීලී ව්‍යාපාරවල  නියෝජිතයෝ පිරිසක්ද මෙම සමුළුවට සහභාගි වූහ.