අනුරාධපුර වැව් 3000ක් සිඳි යයි


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මධ්‍යම සහ කුඩා ප‍්‍රමාණයේ වැව් 3226 න් වැව් 3000ක් පමණ සම්පුර්ණයෙන්ම සිඳී වියළි ගොස් ඇති බව පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්.ජයන්ත හේරත් මහතා පවසයි.

ඉතිරි වැව් සියල්ලේද ජලය 98%ක ප‍්‍රමාණයක් සිදි යාමෙන් ජලය නොමැති වී ඇතැයි පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පැවසීය.

මේ හේතුවෙන් විලච්චිය ,තන්තිරිමලය ,මැදවච්චිය , කැබිතිගොල්ලැව සහ හොරොව්පොතාන ප‍්‍රදේශවල ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.මේවන විට එම ප‍්‍රදේශයේ ජනතාව දැඩි ආහාර හිඟයකටද මුහුණ දී සිටිති.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මධ්‍යම රජයෙන් පාලනය වන වැව් 112 න් වැව් විශාල ප‍්‍රමාණයක් සිඳි ගොස් ඇතැයි අනුරාධපුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ඉංජිනේරු එච්.එල්.ජයන්ත සිල්වා මහතා කීය.

“අනුරාධපුර නගරයට පානිය ජලය සපයන්නේ නුවරවැවෙන්.මේවන විට නුවරවැවේ ජල මට්ටම අක්කර අඩි 6800 යි.මෙම වැවෙන් පානීය ජලය ගැනීමට හැකි වන්නේ තවත් දින 24 කට පමණයි. අපි මහවැලියෙන් ජලය ඉල්ලා තිබෙනවා මේ වැව් වලට.මහවැලියෙන් ජලය නොලැබුනොත් විශාල අපහසුතාවකට පත්විමට ඉඩ තිබෙනවා.“යැයි ඒ මහතා පැවසීය.

විලච්චිය සහ හොරොව්පොතාන ප‍්‍රදේශයේ සිදිගිය වැව් දෙකක් සේයාරු වලින් දැක්වේ.