අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර අද සාර්ථකව නිමාවෙයි


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු හඬ මැද අද (28) දින විදි සංචාරයෙන් පසුව අවසන් විය.


 උතුරු මැද පළාත් ආණ්ඩුකාර ඇම්.පී. ජයසිංහ මහතා විසින් ඊයේ (27) යෙදුණු සුභ මොහොතින් 22 වැනි වතාවටත් ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැරේ වීථි සංචාරය කරනු ලබන අවසන් දිනයේ  සධාතුක කරඬුව ශ්‍රී මහා බෝ මළුවේ සිට වඩමවා මංගල හස්තිරාජයා වෙත තැන්පත් කිරීම සිදු කෙරිණි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් සහ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් අනුරාධපුර දළදා පෙරහැර සංවිධානය කොට තිබුණි.


පැමිණි සිටී පිරිස පංචශීලයේ පිහිටුවීම රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කෙරිණි.


මෙදින පෙරහැරේ උඩරට, පහත රට, සබරගමු නැටුම් සම්ප්‍රදායන්ගෙන් සමන්විතව නැටුම් කණ්ඩායම් 75 කින් සහ අලි ඇතුන්ගෙන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ දර්ශනීය පෙරහැර ජය ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර දොරටුවෙන් ආරම්භ වී ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ සිංහ කණුව, මාර්කට් පෙදෙස, බැංකු පෙදෙස, මධ්‍ය විද්‍යාලය අසලින් ජයන්ති මාවත ඔස්සේ පැමිණ සිංහකණුව වට රවුමෙන් යළිත් ශ්‍රී මහ බෝධි මාවත ඔස්සේ ශ්‍රී මහ බෝ සමිදු අභියසින් අද (28) දින අති සාර්ථකව අවසන් කෙරිණි.