අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් ගෙනෙයි


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් විශාල සංඛ්‍යාවක් සීදි යාම නිසා පානිය ජලය ලබා ගැනීමට අසීරු බව ප්‍රදේශවාසීහු පවසති.

අනුරාධපුර නගරයේ පවුල් එක්ලක්ෂ පනස් දහසක් සඳහා ජලය සපයනු ලබන තුරුවිල ජලාශයේ ජල මට්ටමද මේවන විට ඉතා සිඝ්‍රයෙන් පහළ යාම ගොස් ඇත.

නගරවාසින් සඳහා ජලය ලබා ගැනිමට ජල ප‍්‍රවාහන මණ්ඩලය විසින් මහවැලි අධිකාරියෙන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම මත තුරුවිල ජලාශය සඳහා මහවැලියෙන් අක්කර අඩි 2000 ක ජල ධාරිතාවයක් මුදා හැර තිබේ.