අනේ අපටත් ඇත්තම තූර්යවාදන භාණ්ඩ තිබුණා නම්


(කාංචන කුමාර ආරියදාස)

වකුගඩු රෝගය බහුලව පවතින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට වතුර පෙරණයක් ලබාදීමට ගිය විටක දී හබරණ පලුගස්වැව සේනාදිරියාගම හා කුඹුක්වැව ප්‍රාථමික විදුහල් දෙකේ තූර්ය වාදක කණ්ඩායම් දෙකක් අපට හමු විය.

එම සිසු දරුවන් පාසලට පැමිණි පිරිස කැඳවාගෙන ගියේ තූර්යවාදක කණ්ඩායම පෙරටු කරගෙනය. වාදන භාණ්ඩ වෙනුවට මේ දරුවන් යොදාගෙන ඇත්තේ හිස් බූලි ,හිස් ටින් ,උණබට , පොල් කටු, කොම්බුව වෙනුවට ප්ලාස්ටික් බට මෙයට එකතු කර ගෙන තිබිණි.