අප්‍රේල් විරු සමරුවක් බදුල්ලේදී


(ප්‍රසාද් රුක්මල් )

ජනතා විමුක්ති පෙරමුණේ 47 වැනි අප්‍රේල් විරු සමරුව අද (5) බදුල්ල තැපැල් සංකීර්ණයේදී  ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

වේදිකාව අසල තනා තිබූ විශේෂ ස්මාරකයට ඉටිපංදම් දල්වා පුශ්පෝපහාර දක්වා අනතුරුව  උත්සවය ආරම්භ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු පිරිසක් උත්සවයට සහභාගි වූහ.