අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ජන අයිතියට


 

(ලහිරු හර්ෂණ)


මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කෙරුණු නව  පෙට් ස්කෑන් යන්ත්‍රය අද (01) පෙරවරුවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින්  ජනතා අයිතියට පත් කෙරිණි.

රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මගින් රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර හැකිය.

පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහලට හැකි වී ඇතැයි එම අවස්ථාවවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.