අබලන් වූ දුම්රිය මැදිරි නැවත නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක්


සටහන සහ ඡායාරූප - ගයාන් අමරසේකර

වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව, දේශීය කර්මාන්ත කරුවන් දිරිගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින්, පැරැණි අබලන් වූ දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ විය. 

එහි එක් පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගම එක්ව නවීකරණය කරන ලද දුම්රිය මැදිරි 9ක්, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් විසින් මෙසේ ජනතා අයිතියට පත්කරන ලදී.

අමාත්‍යවරු දෙපළ ගමන්කළ දුම්රිය කොළඹ කොටුවේ සිට රාගම දුම්රිය ස්ථානය වෙත ගොස් ආපසු කොටුව දුම්රිය ස්ථානයටම ළඟාවිය. මේ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතාද සහභාගී විය.