අඹගමුව ප්‍රා.සභාව කොටස් තුනකට වෙන් කිරිමට විරෝධය



 
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශිය සභාව  කොට්ඨාස ක්‍රමය අනුව කොටස් තුනකට වෙන් කිරිමේදී සිංහල ජනතාව බහුතරයක් ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ශ්‍රීපාදස්ථානය පිහිටි භුමිය වෙන් කිරීමට එරෙහිව අද (31) ගිනිගත්හේන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.

කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ් මහතා පැවසුවේ බහුතරයක් සිංහල ප්‍රජාව ජීවත්වන අඹගමුව ප්‍රාදේශිය සභාව,මස්කෙළිය, නෝර්වූඩ් හා අඹගමුව වශයෙන් සභා 3 කට කඩා වෙන් කිරිමෙන් බහුතර බෞද්ධ ප්‍රදේශයෙන් ඉවත්වන ශ්‍රීපාද භූමිය හා  මෙතෙක් කල් පැවති ජාතීන් අතර සැබෑ සංහිඳියාව රැක ගැනීම අරමුණු කරගෙන මෙම විරෝධතාව පවත්වන බවයි.