අරන්තලා භික්ෂු ඝාතනයේ 33 වැනි ගුණ සැමරුම ශ්‍රී ඉන්දසාර පිළිරුව අසළදී


(වසන්ත චන්ද්‍රපාල , සදරු බංඩාර සහ කුමාර  සී ලියනආරච්චි)
 
කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි ඝාතනය කරන ලද හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමි ඇතුලුව භික්ෂුන් වහන්සේ ලා 32 නම සිහිකිරිමේ 33 වැනි ගුණ  සමරුව නිරෝධායන නිති රීති වලට යටත්ව අරන්තලාව ශ්‍රි ඉන්ද්‍රසාර පිළරුව අසලදි  අද(02) පැවැත්විණි.
 
මහා සංඝරත්නය විසින් හෑගොඩ ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා උපහාර දැක්විමෙන් අනතුරුව බුද්ධ ශාසන සහ සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ස්ථිර ලේකම් බන්දුල හරිශ්චන්ද්‍රල අම්පාර දිසාපති බී.එම්.එල්. බණ්ඩාරනායක, ශ්‍රිලංකා යුද යහමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ යන මහත්වරුන් විසින් ශ්‍රි ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා උපහාර කළහ.
 
පසුව මහා සංඝරත්නය ඇතුලු ගිහි පිරිස විනාඩියක නිශ්ශබ්දතාවය රකිමින් මියගිය භික්ෂුන් වහනසේලා  සිහිපත් කරනු කළහ.
 
ඉන් අනතුරුව අරන්තලාව භුමියේ තැන්පත් කර ඇති හිමිවරුන් ගමන් කළ බස් රථය ඇති ස්ථානයේ අධිෂ්ඨාන පුජාවක් පවත්වනු ලැබිය.
 
නැගෙනහිර පලාතට  විශාල බෞද්ධ ප්‍රබෝධයක්  ඇතිකල අපවත් වි වදාල හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර හිමියන් ගේ සේවය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හැටියට නොකඩවා කරගෙන යන බව උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝ නායක අම්පාර මහාවාපි විහාරාධිපති  අරන්තලාව බෞද්ධ  හිමියෝ පැවසූහ.
 
 
එදා ධර්ම ප්‍රචාරක කටයුත්තක් සදහා යමින් සිටියදි අපේ නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය 32 නමක් කොටි ත්‍රස්තවාදින විසින් ඝාතනය කරාගමේ අරන්තලාව භුමිය රක්තවරණ රැධිරයෙන් තෙත්වි ගියා .  මුලු රටම එකම මළ  ගෙයක්  බවට පත්උනා. මෙම ප්‍රහාරයෙක් දිවි ගලවා  ගත් අදා උල්පත බුද්ධසාර හිමියන් සහ හගුරන්කෙත පුඤ්ඤාර හිමියන් අදත් රෝගතුරව සිටිනව‍ා.
 
උන් වහන්සේලා දිවිපිදු මේ භුමිය පසු කලෙක අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස වැඩ කටයුතු ආරම්භ කරා  . අදවෙන විට මෙම ස්ථානය පිරිවෙණක් පවා ආරම්භ කිරිමට අපි කටයුතු කර තිබෙනවා. මෙම ස්ථානය පුජා භුමියක් ලෙස කටයුතු කිරිමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් සහය අපට අමතක  කරන්න බැහැ.
 

 
ත්‍රස්තවාදය නිසා අපේ රටේ හිමිවරුන් 69 ක් පමණ  ඝාතනය උනා වැඩි පිරිසක් ඝාතනය උනේ අරන්තලාවේදි . ඒක නිසා ජුනි 02 වෙනි දින ත්‍රස්තවාදයෙන් මියගිය සියලුම හිමිවරු සිහිකිරීම සදහා ජාතික අනුස්මරණ දිනයක් හැටියට නම් කර ලෙසට අපි රජයෙන් ඉල්ලා  සිටින බවද කිරිදිවැල සෝමරතන හිමියෝ සඳහන් කළහ.
 
බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු පිලිබද අමාත්‍යංශයේ ස්ථිර ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර ,අම්පාර දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක  යන මහත්වරුන්ද මෙම අවස්තාවේ අදහස් දැක්වූහ.
 
ශ්‍රිලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේලමහඔය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුනවර්ධණ, මහඔය ප්‍රාදේශිය ලේකම් සුදර්ශන ගුනවර්ධන, අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, සිවිල් ආරක්ෂක බලකායේ  මහඔය කලාප අණදෙන නිළධාරි කර්නල් චින්තක අතපත්තු මෙම අවස්ථාවට එක්ව සිටියහ.