අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්ට පිං පමුණුවති


( වසන්ත චන්ද්‍රපාල)
 
අරන්තලාව භික්ෂු ඝාතනයට වසර 32 ක් ගතවිම නිමිත්තෙන් අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි විශේෂ  පිංකම් මාලාවක් පැවැත්විණි.

සියක් නමක් මහා සංඝරත්නය අරන්තලාව හෑගොඩ ඉන්ද්‍රසාර පිළිරැව අසලින් පිණ්ඩපාත චාරිකාව ආරම්භ කරනු ලැබූහ.

ඉන් අනතුරුව මහා සඝරුවන සහ ආරාධිත අමුත්තන් විසින් හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා එහිදි අධිෂ්ඨාන පුජාවක් පවත්වනු ලැබු අතර මෙම ස්ථානයට වැඩම කලළ  ජපන් ජාතික අසාමි හිමියන් විසින් රබාන ගසමින් විශේෂ  පුජාවක් සිදුකරනු ලැබූහ.

දිගාමඩුල්ල පාර්ලිමේන්තු විමලවිර දිසානයාක , අම්පාර දිසාපති ඩි.එම්.එල්.බණ්ඩාරනායක, අම්පාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න, පොලිස් විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිළධාරි අතුල රත්නායක අම්පාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.