අරලියගහ මැදුරේදී දහස් නමකට දානයක්


(ජයමාල් චන්ද්‍රසිරි)

රටට, ජාතියට හා රණවිරුවන්ට සෙත් පතා භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා දානමය පිංකමක් අද(27) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පිංකම සඳහා අමාත්‍යවරුන් වන සාගල රත්නායක, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණී ජයවික්‍රම, රංජිත් සියඹලාපිටිය, සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි මහ නාහිමි, අමරපුර මහා නිකායේ මහ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි යන නාහිමිවරුන්ද, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, පූජ්‍ය පැල්පිට ජිනරතන හිමි, පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇතුළු හිමිවරුද ඒ සඳහා වැඩම කළහ.