අලි වැටක් ඉල්ලා දිසාපති කාර්යාලය වටලති


(දයාරත්න ඇඹෝගම)

විදුලි අලි වැටක් ඉදිකර දෙන ලෙස ඉල්ලා තලාව ගම්මාන රැසක ගම්වාසීහූ පිරිසක් අද (27) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම අසල උද්ඝෝෂණයක නිරතවුහ.

ඉන්පසුව විරෝධතාකරුවෝ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා හමුවිම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවූහ.
එහි ආරක්ෂක සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයකු විසින් කරනු ලැබූ පහරදිමක් නිසා එහිදි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

එය සමතයකට පත්විමෙන් පසුව විරෝධතාකරුවන් පස් දෙනකු කැදවු දිස්ත්‍රික් ලේකම්වරයා ඔවුනට කඩිනමින් විදුලි අලි වැටක් ඉදිකර දිමට පොරොන්දු විමෙන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.