අලුත් අවුරුද්දෙන් පසු ජනපති වැඩ අරඹයි


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරි කටයුතු ජනාධිපති කාර්යාලයේ දී අද (19)  ආරම්භ කළේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් පිරිසක් හා ජනාධිපති  කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීය.

තමා බැහැ දැකීමට පැමිණි මැතිඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට නව වසර සඳහා මෙහිදී සුභ පැතුම් එක් කළ ජනාධිපතිවරයා අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සුබවාදී ආකල්පයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන්නැයි දැනුම් දුන්නේ ය.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජනාධිපති ලේකම්වරයා සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට ද මෙහිදී සහභාගි වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)