අලුත්ගම ධම්මානන්ද හිමි ආදාහන පූජෝත්සවයෙන්


(මොහොමඩ් ආසික්)
අපවත් වී වදාළ ශෘමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යායය අති පූජ්‍ය  අලුත්ගම  ධම්මානන්ද  හිමියන්ගේ ශ්‍රී  දේහය පිළිබඳවූ ආදාහන පූජෝත්සවය අද 06 වනදා  සවස මහනුර අස්ගිරිය ක්‍රීඩාංණයේදී සිදු  කෙරිණ.


මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා  මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම  පෙරේරා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පි.බී. දිසානායක, උතුරුමැද පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ, මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.