අවතැන් වූවන් වෙනුවෙන් සඟරුවන පිණ්ඩපාතයේ


(ප්‍රසාද් රුක්මල්)

ගංවතුරින් හා නායයාමෙන් අවතැන්වූ ජනතාවට සහන සැපයීම සඳහා බදුල්ල ඵෙතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ සංඝරත්නය අද(29) පස්වරුවේ බදුල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.

එම හිමිවරු අවතැන් වූවන් සඳහා ද්‍රව්‍යමය ආධාර එකතු කළහ.

වරකාගොඩ ඥානරතන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ගේ හා මුතියංගණ විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පිණ්ඩපාත චාරිකාවට මලගල චන්දිම හිමි ඇතුළු සංඝරත්නය එක්ව සිටියහ.