අවසරයකින් තොරව ගඩබා කර තිබූ වී කිලෝ ලක්ෂ 100ක් අල්ලයි


(නවරත්න සමරතුංග)

පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචි නොවි වී තොග ගබඩා කර තිබූ අම්පාර අම්පාරේ වී ගබඩා 20කට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය කියයි.

එම ගබඩාවල වී කිලෝ ලක්ෂ 100ක අධික ප්‍රමාණයක් ඇතැයි ද පාරිභෝගික අධිකාරිය කියයි.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව පසුගිය දින තුනක කාලයක් මෙම වැටලීම් සිදු කිරීමට පියවර ගෙන තිබිණි.

අක්කරපත්තුව,ඔලුවිල්,අඩ්ඩාලචේන,චවලක‍ෙඩ්,නාවිදන්වේලි,අම්පාර පරගහකැලේ, වාවින්න ආදී ප්‍රදේශවල වී‍මෝල් හිමියන් නොවන ලියාපදිංචි නොවූ අතරමැදියන්ගේ වී ගබඩා වටලා පරීක්ෂාකර මෙසේ මුද්‍රා තැබීමට පාරි‍භෝගික සේවා ආරක්ෂක අධිකාරිය පියවර මෙසේ පියවර ගෙන ඇත.

මෙම ගබඩා හිමියන් සතු වී තොග වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටගේ  මිලදී ගැනීමට ගන්නා බවත් පාරි‍භෝගික අධිකාරිය පවසයි.

මේ  අමතරව බියර් නිෂ්පාදනය කිරීම සඳහා ‘අත්‍යාවශ්‍ය සේවා’ යටතේ දැන්වීම් පුවරු භාවිතා කරමින් සහල් ප්‍රවාහනය කළ වාහනයක්ද විමර්ශන නිලධාරීහු පරීක්ෂාවට ලක් කලහ.

බියර් නිෂ්පාදනය කිරීම සඳහා චවලකඩේ ප්‍රදේයේ ගබඩාවක සහල් කිලෝ ලක්ෂ දහයක් පමණ ගබඩාකර තිබුණ ස්ථායක් වැටලීමටද පියවර ගෙන ඇත.

මිනිස් පරිභෝජනයට සහ සත්ව ආහාර සඳහා හැරුණූ විට සහල් යොදා ගැනීම තහනම් කර ඇති බවට වරද කියාදී එම ගබඩාවකට මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.