ආචාර්යවරු - අනධ්‍යයන සේවක ගැටලුවලට විසඳුම් ඉල්ලා සිසුහූ උද්ඝෝෂණයක


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ ආචාර්යවරුන්ගේ සහ අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එහි සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (8) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.

ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සිසු සිසුවියන් පෙනී සිටීම මෙහි ඇති විශේෂත්වයයි.