ආණ්ඩුව විසුරුවා හැරීමට සතුට පළ කරති


(හැටන් රංජිත් රාජපක්ෂ)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිම වෙනුවෙන් නාවලපිටිය නගරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කලහ.

මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි වූ අතර , එහිදි  මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ තමන් කැමති  රජයක් ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් ජනතාවව අවස්ථාව ලබා දි ඇති බවයි.