ආදිවාසී කුලදරුවෝ 8 ක් පැවිදි දිවියට


 (නිමල් ජයරත්න)

මඩකලපුව, කල්කුඩා,  සිරි විවේකාරාම විහාරස්ථානයේ අද (28) පැවති කඨින මහා පුජෝත්සවය හා සමගාමීව  ආදිවාසී  කුල දරුවන් අටදෙනෙකු පැවිදි කරවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කළහ.

මඩකලපුව, සිත්තන්ඩි, දිඹුලාගල, මලියදේවපුර, කුඩාවැව, රුහුණුකෙත, පියසේනපුර, මැණික්දෙණිය, කහතුඩුව යන ප‍්‍රදේශවල කුලදරුවෝ  පිරිස මෙලෙස සසුන්ගතවූහ.

දිඹුලාගල බුද්ධ ශ‍්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකරි, කල්කුඩා සිරි විවේකාරාමාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ අනුශාසනාවක් කරමින් පැවසුවේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වැඩිම කුලදරුවන් පිරිසක් එකවර සසුනට ඇතුළු වු ප‍්‍රථම අවස්ථාව මෙය බවයි.

මෙම  පිරිසට පිරිවෙන් අධ්‍යාපනය ලබා දී, දමිළ භාෂාව උගන්වා නැගෙනහිර පළාතේ ජනතාවට දමිළ භාෂාවෙන් ධර්මය පහදා දීම සඳහා යොමුකරන බවද දේවාලංකාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.