ආදිවාසීන්ගේ උතුම්ම පූජාව අද සිදු කරයි - වීඩියෝ


(චමිල් රූපසිංහ සහ ජේ.ඒ.එල් ජයසිංහ)

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව මෙවරත් මහත් බැතියෙන් සිදු කළහ.

ආදිවාසි නායක  ඌරුවලිගේ වන්නිලා ඇත්තන්  සාම්ප්‍රදායික මී පැණි පූජාව 23 වැනි වරට අද දින පැවැත්වීය.

වනයෙන් නෙලා ගන්නා මීපැණිවල  නොඉඳුල් කොටස රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයේ සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ උදෙසා‍ෙ මෙම පූජාව පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් බවත් මෙවර 23 වන වරට දළඳා වහන්සේ උදෙසා මී පැණි පූජාව පැවැත්වූ බවද ආදි වාසි නායකයා මෙහිදී පැවැසීය.

ඉන් අනතුරුව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ආදිවාසින් සදහා ත්‍යග පිරිනැමීමක් සිදු කළේය.

(ඡායාරූප: චමිල් රූපසිංහ)