ආධුනික සෙබළු 446 ක් විසිර යති


ඡායාරූප සහ සටහන - පුත්තලම එච්. චන්දන

පුත්තලම  විජයබාහු  පාබල රෙජිමේන්තු  පුහුණු පාසලේ  පාඨමාලා අංක 81 යටතේ පුහුණුව ලැබු  ආධුනික  සෙබළු 446 දෙනෙක් අද (9 වැනිදා) විසිර ගියහ. විසිර යාමට පෙර එම සෙබළු විජයබාහු  පාබල රෙජිමේන්තු  ක්‍රීඩා පිටියේ  අලංකාර සංදර්ශනයක් පැවැත්වූහ.

මෙම විසිරයාමේ පෙළපාළිය 21 වන සේනාංකාධිපති  බිගේඩියර් එන්.කේ.  ජයපතිරණ මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආධුනික  සෙබළු  446  දෙනා අතුරින්  දක්ෂතම වෙඩික් කරු ලෙස ආධුනික සෙබළ විජේරත්න ආර්.ජි.එන්.පි. ද,   සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස ආධුනික සෙබළ බණ්ඩාර  යු.ජි.එස්. සම්මාන දිනා ගත්හ.

විසිරයාමේ පෙළපාලියේ පෙළ අණදෙන්නා ලෙස හා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා  ලෙස මේජර් එල්.අයි ප්‍රසන්න මහතාකටයුතු කළේය. මෙම  අවස්ථාවට පුත්තලම - සිංහනාගවිල්ළුව 143 වන බළසේනාධිපති බ්‍රිග්‍රේඩියර්  ධම්මික දිසානායක  මහතා ඇතුළු යුද හමුදාවේ නිළධාරීහු රැසක් මෙන්ම ආධුනික සෙබළුන්ගේ මා පියෝ ද සහභාගි වූහ.