ආබාධිත රණවිරුවන් තිදෙනකුට මංගල සීනු හැඬවෙයි


(පුෂ්පකුමාර ජයරත්න)
 
යුද්ධයේ දී පුර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවෝ තිදෙනෙක් අද(24) යුග දිවියට  එළැඹුණහ.

මාතලේ  මහවෙල පදිංචි සැරයන්  ඩී.ජි.එස්.කේ.නන්දසිරි මහතා ගොකරැල්ලේ නිශාන්ති මධුෂානී මෙනවියගේ අතගත් අතර මතුගම පන්නල පදිංචි කෝප්‍රල් ජි.ඩී.ටී.චාමිකර මහතා  කළුතර  වළල්ලාවිට පන්නිල දිස්නා ප්‍රබෝධනී මෙනවියගේ ද අත ගත්තේය.

අම්පාර පදියතලාවේ පදිංචි කෝප්‍රල් එම්.ජි.ප්‍රේමසිරි මහතා සහ හොරොව්පතාන මොරනෑව චන්දිමා හේමලතා රණතුංග මෙනවියගේ විවාහය ද අද පැවැත්විණි.

ගම්පහ සියනෑ  සංවිධානයේ  පුර්ණ දායකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහායෙන් සංවිධානය කෙරුණු මෙම විවාහ මංගල උත්සවයට සාක්ෂිකරුවෝ ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක සහ කුරූණෑගල සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක යන මහත්වරු අත්සන් තැබුහ.