ආයුර්වේද සංස්ථා නිලධාරීහු ඖෂධ පැළ සිටුවති


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ගාමිණී සරත් ගුණවර්ධන)
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ දුර්ලභ ඖෂධ පැළ සිටුවීමේ වැඩසටහනක් අද(01)  නාවින්න ආයුර්වේද සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
 
ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාගලා අභයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
 
මීට සහභාගි වූවෝ රත්හඳුන්, සුදු හඳුන් ඇතුළු විවිධ ඖෂධීය පැළ සිටවූහ.
 
මෙම අවස්ථාවට ආයුර්වේද සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී අර්ජුන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.