ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි


(ඉන්දිකා රාමනායක)

නව ආරක්ෂක ලේකම් වශයෙන් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (20) ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ බාරගත්තේය.

ආරක්ෂඅක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි නව ආරක්ෂක ලේකම් වෙත හමුදා සම්ප්‍රදායානූකූලව කඳවුරු සම්මාන මුරය පිරිනමනු ලැබීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 48 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් පවත්වමින් ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

නව ආරක්ෂලක ලේකම්වරයා  සම්මාන ආචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් මැද ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.

(ඡායාරූප - ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයෙන් )