ආරච්චිකට්ටුවේ වැව් බැම්ම තුන් පොළකින් කැඩී යයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
ආරච්චිකට්ටුව මහමාඑළිය වැවේ වැව්බැම්ම ස්ථාන තුනකින්  අද දහවල්  කැඩී යාමත් සමඟ  සේරුකැලේ පල්ලම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමණාකරණ එකකය පවසයි.
 
 පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් .ආර් .එන් .කේ අලහකොන් මහතා පැවසුවේ  අධික වර්ෂාව හේතුවෙන් මහමාඑළිය වැවට ඉහළ වැව් වලින් අධික ලෙස ගලා ආ ජලය දරා ගැනීමට නොහැකි වීමේන් මෙම බැම්ම කැඩී යන්නට ඇති බවයි.
 
 කෙසේ නමුත් මෙයට පෙර 2016 වසරේද පැවති වාර්ෂාව හේතුවෙන් මහමාඑළිය වැවේ බැම්ම කැඩී යාමේ අවධානමක් තිබියදි පුත්තලම ආපදා කළමනාකරණ එකකයේ සහයෙන් යූද හමුදාවේ 200 දෙනකු පමන යොදවා වැලි කොට්ට ගසා බැම්ම ආරක්ෂා කිරිමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් .එන් .චිත්‍රානන්ද මහතා කටයුතු කර තිබිණි.
 
 2016 වසරේදි එක් ස්ථානයක අවධානම තිබුනද මෙවර ස්ථාන තුනකින් අවධානම පැවතීම නිසා වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තිබුණි. 
 
 වැව් බැම්ම කැඩී යාමෙන් විජය කටුපොත , බත්තුළුඔය  ඇතුළු ගම්මාන ගණනාවක් ජලයෙන් යට විට.