ආහාර එතීමට පරිසර හිතකාමී ඇසුරුමක් සොයාගත් සිසුවියට ලක්ෂ 15 ක්


(විනීතා එම් ගමගේ)

තහනම් ලන්ච් ෂීට් වෙනුවට ආහාර එතීමේ පරිසර හිතකාමී ඇසුරුමක්  සොයාගත් රත්නපුර සුමන බාලිකාවේ තරුෂි විදුෂිකා සිසුවියට එම නිර්මාණය ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලදී.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද (06) පැවති ජාතික පරිසර උත්සවයේ දී මෙම පරිත්‍යාගය කරනු ලැබීය.

එම සිසුවිය සොයාගත් ආහාර ඇසුරුමේ කඩදාසි හෝ ප්ලාස්ටික් පොලිතින් කිසිවක් නොමැති අතර ආහාර එතීමට භාවිතා වන කොලය රෙදිවලින් සකසන ලද්දකි.

එමෙන්ම එහි ආහාර පාර්සලය දැමීමට බෑගයක්  පවා තිබේ.

මෙම නිර්මාණය වෙනුවෙන් මේ වනවිට පේටන්ට් බලපත‍්‍රය ඉල්ලා අයඳුම් කර ඇතිබවද තරුෂි විදුෂිකා සිසුවිය ලංකාදීපයට කීවාය.

 

(ඡායාරූප : චතුර එස් .කොඩිකාර )