ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ගම්පහ


 

 
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
මසකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ගම්පහ නගරයේ   දෛනික කටයුතු අද (09) උදෑසන සිට සාමාන්‍ය අතට පත්වූ අතර දුම්රිය සේවයද යලි ක්‍රියාත්මක කෙරිණි.
 
සාමාන්‍ය දිනයන් හි දුම්රිය මගීන්ගෙන් පිරී ඉතිරී යන ගම්පහ දුම්රිය ස්ථානය අද දින ද පාලු ස්වරූපයක් ගැණිනි.

කාර්යාල සඳහා කොළඹ බලා ගමන් ගන්නා මගීන් කිහිපදෙනෙකු පමණක් දුම්රියට ගොඩවන අයුරු දැකගත හැකි වූ අතර ගම්පහ සිට ඉහලට ගමන් ගන්නා දුම්රියන් පැමිණෙන දෙවන වේදිකාව සම්පුර්ණයෙන්ම මගීන්ගෙන් තොරව පැවතින. 

නිසි සෞඛ්‍ය ක‍්‍රමවේදවලට අනුගතව මගීන් දුම්රියට ගොඩවන අයුරු සහ දුම්රිය තුල අසුන් ගන්නා අයුරුද පෙනින.