ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු විපක්ෂ නායක හමුවේ



(ඉෂාන් සංජීව)
 
ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා අද(29) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
 
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා වෙල්බි පියතුමාඅද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේය.