ඇන්ජලීන් අවසන් ගමන් යයි



අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කෙරිණි.

කෝට්ටේ ශාන්ත තෝමස්  දේවස්ථානයේ දේව මෙහෙය සිදු කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු පැවැත්විණි.

කලාකරුවන්, ඥාතීන් සහ ඇන්ජලීන් මහත්මියගේ රසික ජනතාව මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
 
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 29 දින අභාවප්‍රාප්ත වූවාය.
 
(ඡායාරූප - ඉෂාන් සංජීව)