ඇන්ටිජන් කරන්න බටහිර මායිමේ පරීක්ෂණ මධ්‍යස්ථාන


(ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ)

කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .

සෞඛ්‍ය අංශ , පොලීසිය , ත්‍රිවිධ හමුදාව යොදවා මෙම පරීක්ෂණ සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමණබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැට කැදැල්ල පාලම, බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යන ස්ථානවලදී මෙම පරීක්ෂණ කටයුතු සිදු කරයි

පිට පලාත්වලට රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙම මෙහෙයුම් සිදුකරන බව හෙතෙම කියා සිටියේය.

ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරචචි