ඇඳිරි නීතිය තිබියදී අලි ඇතුන්ටත් හිසතෙල් ගාති


 

ළහිරු හර්ෂණ 

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී තිබුනේ අද(15) පුරවභාග 09.17ටයි.

හිසතෙල් ගෑම සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතර ප්‍රධානතම චාරිත්‍රයක් ලෙස සැලකේ.

මෙම චාරිත්‍රය මගින් සිදු කෙරෙන්නේ මීළග වසරට නිරෝගීකම ප්‍රර්ථනා කිරීමයි.

කෙසේ වෙතත් රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති වටපිටාවක ජනතවට වෙනදා මෙන් එම චාරිත්‍රය ඉටු කිරීමට වෙහෙර විහාරස්ථාන වෙත යාමට හැකියාවක්  නොමැතිවිය. 

මිනිසුන් මෙන්ම සුරතලයට ඇති කරන සතුන්ට හිසතෙල් ගෑම දක්නට ලැබිණි.

පන්නිපිටිය ප්‍රදේශයේ  මෙසේ අලි ඇතුන්ට චාරිත්‍ර ඉටුකෙරිනි.