ඇඳිරි නීතිය තියෙද්දීත් තම තමන්ගේ වැඩ


(ශාන්ත රත්නායක)

කොරෝනා වයිරසයේ පැතිරීම  ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතින අවස්ථාවේ, බස්නාහිර පළාත නැවත යථා තත්වයට පත්වෙමින් පවතී.

වසංගත තත්වය නිසා ඇණහිට තිබූ ජනයාගේ වැඩ කටයුතු සුළු වශයෙන් ආරම්භ විය.අද (06) කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ක්‍රමයෙන් සිය වැඩ කටයුතු වල නිරත වූහ.

අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹ නගරයෙන් පිට පළාත් වෙත ප්‍රවාහනය කෙරිණි. ඇණහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ වරායෙන් භාණ්ඩ රැගෙන යෑම ද දක්නට ලැබුණි