ඇමති ලේකම්වරුන් රන් සෙවූ තැන පොලිසිය කැනිම් අරඹයි - වීඩියෝ


 

(රොමේෂ් මධුෂංක)

යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් වළ දැමූ බවට සැකකර මුලතිව් පුදුකුඩිඉරිපුප් ප්‍රදේශයේ  අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කැනීම් නැවත අද ආරම්භ කළ බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි.         

අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ගොඩගැනීමට උත්සහ ගත් ස්ථානය මෙසේ කැනීම් ආරම්භ කළ බව ද පොලිසිය පවසයි. 

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ අධීක්ෂණයන්  ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහයෙන් කැනීම් කටයුතු ඊයේ ආරම්භ කළ අතර පස්කපන යන්ත්‍රවලින් අඩි පහක පමණ වලවල් දෙකක් ඊයේ කැපුවද එහි හිස් බැරලයක් පමණක් තිබී හමු විය.

වරින් වර වර්ෂාව ඇදහැලීමත්, ජලය ඉවත් කිරීමට අපහසුවීම නිසා හේතුවෙන් අදාල ස්ථානයට සහ අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවා අද දිනය දක්වා කැනීම් කටයුතු කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.