ඇමැති විජයදාසට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ආශිර්වාද


(ශාන්ත රත්නායක)
විජේයදාස රාජපක්ෂ මහතාට අසාධරණයක් නොවෙන විදියට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කටයුතු කරයි කියා විශ්වාසය පොදුවේ මහා සංඝරත්නයේ සිත්වල තිබෙනවා යැයි කොළඹ දිස්ත්‍රික්යේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිතලගම හේමසාර හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසූයේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද කිරීමට අද 21   උදැසන බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණි අවස්ථවේ දීය.