ඇමෙරිකානු රාජ්‍ය ලේකම්-ජනපති අතර හමුවක්


(ශාන්ත රත්නායක)

 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර  හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එයට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

දකුණු ආසියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය මත ශ්‍රී ලංකාවට පැමිණෙයේය. 

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද සවස ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය