ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණිමට ජවිපෙ විරෝධය


(ළහිරු හර්ෂණ)
 
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් අද(27) ජනතා විමුක්ති පෙරමුණ  සංවිධානය කළ විරෝධතාවක්  කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
 
 විරෝධතාවයේ නිරතවීමෙ අනතුරුව  විරෝධතාකරුවෝ තානාපති කාර්යාලය වෙත ලිපියක්ද බාරදෙනු ලැබුහ.