ඇළේ වැටුණු අලි 30ක් ගොඩ ගෙන කැලයට පන්නයි


(නිමල් ජයරත්න)

මාදුරුඔය දම්මින්නේ මහවැලි ඇළකට වැටී සිටි අලි 30ක කණ්ඩායමක් පැය පහක මෙහෙයුමකින් පසු දම්මින්න කැලයට පන්නා දැමූ බව වනජීවි නිලධාරීහු පවසති.

කණ්ඩායම මඟහැරුණු කුඩා අලි පැටවුන් දෙදෙනකු ද  අලි රංචුවට පළවා හැරීමට ගම්වාසීහු හා  වනජිවිය කටයුතු  කළහ.

මෙම මෙහෙයුමට වනජීවි නිලධාරීන්ට  යුද හමුදාව පොලිසිය සහ ගම්වාසින්ද සහයෝග දී ඇත.