ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බසී


(වසන්ත චන්ද්‍රපාල)

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට නියමිත අයුරින් වැසි නොලැබීමෙන් ජල මට්ටම අක්කර අඩි 25,800 දක්වා පහළ බැස තිබේ.

සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර  අඩි 770,000 කි. අක්කර අඩි 744,200 ක ජල ප්‍රමාණයක් සමුද්‍රයෙන් අඩුවී ඇත.

මේ හේතුව නිසා යල කන්නයේ කරන ලද කුඹුරු වලට අවසන් වතුර මුරය ලබාදීමේ ගැටලුවක් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. ගමගේ මහතා පැවසීය.

ජලාශයේ වතුර අඩුවීම සමඟ මසුන් දිය කාවුන් විශාල වශයෙන් මිය යෑමට පටන් ගෙන තිබේ.

ජලාශයෙන් ජලය නිකුත් කිරීම අද (10) දිනයෙන් අවසන් කරන අතර  කුඹුරු වලින් 40% පමණ එය සෘජුවම බලපාන බවද වාර්මාර්ග දෙපාර්මේන්තුව කියයි.

ඉදිරියේ දී ජලාශයට වතුර එකතු නොවුණහොත් ජලය නිකුත් කිරිමට නොහැකි වන අතර එසේ නිකුත් කළ හොත් පානීය ජලය ලබාදීමට ගැටලුවක් වෙන අතර විවිධ පාරිසරික ගැටලු මතුවිය හැකි බවද අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.ගමගේ මහතා පැවසීය.

පවතින නියං තත්වය සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාකරන ලද ගොවියන් මහත් අසීරුතාවයට පත්වී තිබේ.