ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 අද ( 02)   උදෑසන විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග  ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.
 
2016 මැයි මාසයේ වාන් දොරටු විවෘත කිරීමේන් පසුව වසර තුනකට පසු මෙවර ජල මට්ටම ඉහළ යාමත් සමඟ වාන් දොරටු විවෘත කිරීම සිදුවු බවද කියයි.
 
මේ වන විට පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් ඉගිනිමිටිය ජලාශයට ඉහළින් පිහිටි අඹකොළ වැව ජලාශය වාන් දැමිමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යාමේ අරමුණින් වාන් දොරටු 6 විවෘත කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය ඉංජීනේරුවරයා පවසයි.
 

ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග දොරටු දෙකක් අඩි දෙක බැගින්ද අනෙක් දොරටු හතර අඩිය බැගින්ද තප්පරයට ඝණ අඩි 4000 කට ආසන්න ජල කදක් මී ඔය දිගේ පහල නිම්නයට ගලා යාම සිදුවන බවත් ඒ හේතුවෙන් මී ඔය දෙපස පදිංචිකරුවන් දැඩි අවධානමේන් පසුවන ලෙසට වාරි මාර්ග ඉංජීනේරුවරුන්  පවසති.