ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝත් අවුරුදු සමරති


 

සංජිව නිරෝෂණ


ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් 10 වැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය ඉතාලියේ කම්පෝ චෙරේට්ට හිදී පැවැත්විණි.

සමාධි විහාරස්ථානයේ විහාරාධිපති දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්, විහාරාධිකාරී පුජ්‍ය අරියධම්ම හිමියන්, සිංහල පාසල් ගුරු මණ්ඩලය,දෙමාපියන් ,ෆෙරෝන්සේ ලුකා පාසලේ දු දරුවන් විහාරස්ථාන දායක සභාව සාමාජිකයන් , ඉතාලියේ ෆෙරෝන්සේ නගර සභාවේ ඒකාබද්ධතා කටයුතු මන්ත්‍රී සාරා ෆියුනා හා ක්‍රිඩා මන්ත්‍රී ඇන්ඩ්රිය වනියුස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.