ඉදිවන තාක්ෂණික නගර ව්‍යාපෘතියට විරෝධය පා උද්ඝෝෂණයක්


ශාන්ත රත්නායක


හෝමාගම, පාදුක්ක හා හොරණ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන තාක්ෂණ නගර ව්‍යාපෘතියට විරෝධය දක්වා හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (11) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කොරියාවේ ඉඩම් හා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ එක්ව තාක්ෂණ නගරය නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

විරෝධතාකරුවෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් පසවු පා ගමනින් ලෝටස් පාර වෙත ගමන් කළහ.