ඉන්දියාවෙන් ගෙනා හොද සහල් සතුන්ට කන්න දීලා


(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදා නිෂ්පාදනය කළ සත්ව ආහාර තොගයක් රජයේ සත්ව ගොවිපොළක තිබී සොයාගත් බව අනුරාෂපුර පාරිභෝගික අධිකාරිය පවසයි.

සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සදහා ගබඩා කර තිබූ තවත් සහල් කිලෝ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ද  පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත.

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම හුරීගස්වැව මාර්ගයේ නීරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සත්ව ගොවිපළ තුළ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව, එහි ගබඩා කර තිබූ ඉන්දියාවෙන් ආනයනය කළ  මෙම සහල් තොගය හමුවූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.අ

මෙම සහල් භාවිතා කර ඌරන් සහ කුකුළන් සඳහා සත්ත්ව ආහාර ලෙස සකසා තිබූ බහලුම් සහ පරිභෝජනය සඳහා භාවිතා කළ හැකි සහල් තොගයට මුද්‍රා තැබීමට පාරිභෝගික නිලධාරීහු මෙහිදී පියවර ගත්හ.

මෙහිදී අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී පෙරේරා මහතා මෙසේ පැවසීය.