ඉන්දූනීසියානු ජනපති අගමැති රනිල් හමුවෙයි


(ශාන්ත රත්නායක)

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපති  ජෝකෝ විඩොඩො  මහතා අද උදැසන  (25) අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ එම මැතිණිය පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසිනි.