ඉන්ධන නැතත් සැතපුම් ගණන් දිගු පෝලිම්


 

දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

ඉන්ධනවල ඉන්ධන නැතත් විශාල පිරිස් ඉන්ධන ලබා ගැනීමේ අටියෙන් දිවා රෑ පෝලිම් ගැසී සිටිති.

ගම්පහ,කොළඹ,කළුතර,මාතර,ගාල්ල පමණක් නොව උතුරු නැගෙනහිර පළාත්වලද මේ ආකාරයට දින ගණනක් තිස්සේ ඉන්ධන හල් අසල පොලිම් පවති.

කුලි ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම,යතුරු පැදි,පෞද්ගලික බස් රථ, ඇතුළු විවිධ වාහන මේ ආකාරයට පෝලිම්වල දක්නට ඇත.

අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය හොරොව්පොතාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කිරීම නිසා එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිරවිය ගිලන් රථයකට හැර වෙනත් කිසිදු වාහනයකට යෑමට අවස්ථාව නොදී මාර්ගය හරස් කරමින් සිය විරෝධය පළ කරමින් සිටිති.

විරෝදතා කරුවන් පවසන්නේ දින තුනකට වැඩි කාලයක් දිවා රාත්‍රියේ තමන් පෙට්‍රල් සහ ඩීසල් රැගත් බවුසර් පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටියද මේ වන තෙක් කිසිදු තෙල් බවුසරයක් හොරොව්පොතාන නගරයට නොපැමිණි බව ය.

(පැතුම් දර්ශන)

(ශාන්ත රත්නායක)

ගම්පහ (තිලකරත්න දිසානායක)