ඉන්ධන බවුසරය කඩුගන්නාවේදී පෙරළෙයි


(සෙනරත් බණ්ඩාර)

කොළඹ සිට මහනුවර දක්වා ඉන්ධන රැගෙන එමින් තිබූ ඉන්ධන බවුසරයක් පහළ කඩුගන්නාව වැලමිට වංගුව අසලදී පෙරළී ගොස් ඇත.

අනතුරෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර ඉන්ධන සුළු වශයෙන් ගලායාම හේතුවෙන් ගිනිගැනීමක් සිදුවුවහොත් එය වළක්වා ගැනීම සඳහා මාවනැල්ල ගිනිනිවීමේ ඒකකයේ ආරක්ෂාව සැපයිණි. ඒ අතර වෙනත් ඉන්ධන බවුසරයකට එහි තිබූ ඉන්ධන මාරු කිරීමට කටයුතු කෙරිණි.