ඉන්ධනහල් අසල වාහන පෝලිම් තවත් දිගුවෙයි


(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස/ ජයමාල් චන්ද්‍රසිරි/ සිතුම් චතුරංග/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ රංජිත් රාජපක්ෂ /දයාරත්න ඇඹෝගම/ ප්‍රසාද් රුක්මාල්/රේඛා තරංගනී ෆොන්සේකා)

රට පුරා ඉන්ධනහල් රැසක අදත් දිගු වාහන පෝලිම් දැකිය හැකි විය.

කොළඹ, මහනුවර, දඹුල්ල, මාතර, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉන්ධන නිකුත් කිරීම සීමාවී ඇති අතර පෙරදින සිටම දිගු පෝලිම්වල රැඳී සිටිමින් වාහන හිමියෝ තම වාහනවලට ඉන්ධන ලබාගැනීමට කටයුතු කරති.

දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක් පැවතියද එක් ඉන්ධන පිරවුම්හලක පමණක් පෙට්‍රල් අලෙවිය සිදු වෙමින් පවතී. මේ හේතුව නිසා එම ඉන්ධන පිරවුම්හල ඊයේ පස්වරුවේ සිටම විශාල පෝලිම්  දැක ගැනීමට හැකියාව ලැබිණි.

පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ගේ වැඩිවීම නිසා සියලු දෙනාටම සාධාරණය ඉටුකර දීම සඳහා මෝටර් රථයකට රුපියල් 1000ක  සහ යතුරුපැදියකට රුපියල් 500 ක  පමණක් පෙට්‍රල් ලබාදෙමින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත.

(ජයමාල් චන්ද්‍රසිරි)

(කාංචන කුමාර ආරියදාස)

(රංජිත් රාජපක්ෂ)

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

(සිතුම් චතුරංග)

(දයාරත්න ඇඹෝගම)

(ප්‍රසාද් රුක්මාල්)

(රේඛා තරංගනී ෆොන්සේකා)