ඉවෙන්ට් මීඩියා ආයතනය ගිනස් පොතට


ඉවෙන්ට් මීඩියා  ආයතනය  විසින් සංවිධානය කළ  ලෝකයේ  සැබෑ  මනාලියන්  වැඩිම  සංඛ්‍යාවක්  සහභාගි  වූ  මනාලියන් දැක්ම කොළඹ  සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (02)  පැවැත්විණි.

ලෝක  ගිනස්   වාර්තා  සංගමයේ කොන්දේසි  වලට  යටත්ව   මෙම  මනාලියන්  දැක්ම සංවිධානය  කර තිබූ අතර මෙරට  විවිධ පළාත්  වලින් මනාලියන්  73 දෙනෙක් සහභාගිවූහ.

මේ  සඳහා  2018  ඔක්තෝබර්  මස  02  වැනිදා   සිට  2019   ජනවාරි  මස  02  දක්වා  කාලය  තුළ   විවාහය  ලියාපදිංචි කළ මනාලියන්  තෝරා  ගෙන තිබිණි.

එම  අවස්ථාවේදී   ලෝක  වාර්තා විනිසුරුවරියක   වන  ලුසියා  සිංගලිශ්  මහත්මිය ගිනස්  ලෝක  වාර්තාවට හිමි  සහතිකය   ඉවෙන්ට් මීඩියා ආයතනයේ  අධ්‍යක්ෂිකා   නිරෝෂා  මෙන්ඩිස්  මහත්මිය වෙත පිරිනැමුවාය. 

මෙහි  පෙර  වාර්තාව  හිමිකරගෙන  තිබෙන්නේ   2011   වර්ෂයේ  දී  ප්‍රංශයේ   පැරිස්  නුවර   මනාලියන්  54 ක්   සහභාගි   කරවාගනිමින්  පැවැත්වූ  මනාලියන්  දැක්මක් සඳහාය.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර