ඉසඩී ඩී ඇළට වැටුණු අලියා බේරාගැනේ


ජලය බිමට පැමිණි වන අලියකු අද (14) දිඹුලාගල අලූත්වැව ප‍්‍රදේශයෙන් ඉසඞ් ඞී ඇළට වැටිමෙන් පසු පැය අටක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩට ගෙන කුඩාවැව රක්ෂිතයට පලවා හැරිය බව වෙහෙරගල වන ජිවි නිලධාරීහු පවසති.

අවුරුදු 40 ක් පමණ වයසැති මෙම අලියා ඉසඞ් ඞී ඇලට වැටිමෙන් පසු සැඩපහරට හසුවී කිලෝමිටරයක් පමණ දුරට ගසාගෙන ගොස් ප‍්‍රධාන සොරොව්වේ සිරවි සිටි බව ප‍්‍රදේශවාසිහූ පැවසූහ.

පසුව ඒ පිළිබඳ ප‍්‍රදේශවාසින් වැලිකන්ද සහ වෙහෙරගල වනජිවි නිලධාරින්ට දැනුම්දිමෙන් අනතුරුව නිලධාරින් 15 ක් පමණ කණ්ඩායමක් පැමිණ කඹ ,ටයර් සහ විශාල දැව කදන් දමා අලියා ගොඩට ගෙන අලි වෙඩි දමා කුඩාවැව රක්ෂිතයට පලවා හැරීමට එම නිලධාරීහු කටයුතු කළහ.

(ඡායාරූප-නිමල් ජයරත්න)

(ඡායාරූප-කරුණාරත්න ගමගේ)