ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩ ගැනෙති


නිමල් ජයරත්න
 
මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනකු ගොඩ ගෙන පිඹුරැත්තෑව රක්ෂිතයට පළවා හැරීමට වෙහෙරගල වනජීවී නිලධාරීහු අද සමත්වූහ.
 
කඹ හා ටයර් ආධාරයෙන් අලි දෙදෙනා ගොඩ ගත් බව වෙහෙරගල අඩවි වන ආරක්ෂක යූ ඒ ජී ජී එම් ආරියසිංහ මහතා කියයි.